Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2020 14:05:16 Hours

233 බලසේනාව අඩු ආදායම්ලාභි පවුල් 60 කට නොමිලේ වියළි ආහාර සලාක බෙදාදීම සඳහා එක්වෙයි

සිවිල්-හමුදා සම්බන්ධීකරණය (CIMIC) යටතේ වාකරේ ප්‍රදේශයේ මාන්කේනී සහ තික්කන ගම්මානවල දුෂ්කරතාවයෙන් මධ්‍යයේ ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ තවත් ප්‍රජා සුභසාධන ව්‍යාපෘතියක් නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා මුලස්ථානය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින සංවිධානය කරන ලදී.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ උපදෙස් මත 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසුන්දර ගේ සහ 233 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රජිත ඇල්විටිගල ගේ අධීක්‍ෂණය යටතේ 233 වන බලෙස්නාව විසින් සංවිධානය කරනු ලැබු මෙම සමාජ සත්කාරක වැඩසටහන මගින් අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි ආහාර සලාක මලු 63 ක් මෙලෙස බෙදාදෙනු ලැබීය.

මෙම අවස්ථාවට 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසුන්දර, 233 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රජිත ඇල්විටිගල, නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් සුභත් සංජිව ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසුනිලයින් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ. affiliate tracking url | GOLF NIKE SHOES