2020-05-06 19:34:35
පවතින තත්ත්වය හේතුවෙන් දකුණේ බෞද්ධ සංවිධානයක් විසින් ඔඩ්ඩුසුඩාන්, සමලන්කුලම්, මනවලපඩුමුරිප්පු සහ කච්චාඩයාප්පාන් යන ප්‍රදේශවල විවිධ දුෂ්කරතා මධ්‍ය යේ ජීවත්වන ජනතාව අතර, බෙදාදීමට වියළි ආහාර සලාක පාර්සල් 250 ක ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබුණු අතර, එම වියළි ආහාර සලාක තොගය මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් ඉකුත් අඟහරුවාදා (05) දින අදාළ ප්‍රදේශයන්හී ජනතාව අතර බෙදා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලැබූහ.
2020-05-06 18:34:35
පුද්ගලික පරිත්‍යාගශීලියෙකු විසින් ලබාදෙන ලද වියළි සලාක තොගයක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් යුතුව අඩු ආදායම්ලාභී පවුල් 150 ක් අතර, බෙදාහැරිම පසුගිය දා සිදුවිනි.
2020-05-06 18:00:35
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන පූනානි සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 127 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (06) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත් වූහ.
2020-05-06 17:30:35
මුලතිව් දිස්ත්‍රික්කයේ 64 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්යස්ථාන්හී රාජකාරී කරනු ලබන භටපිරිස්හී ප්‍රයෝජනය සදහා 642 වන බලසේනාවේ බලසේනාධිපති ජේ.එම්.එන්.කේ ජයසුන්දර විසින් පුද්ගලික ආධාරකරුවෙකු ප්‍රධානය කළ පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 30 ක ප්‍රමාණයක් පරිත්‍යාග කරනු ලැබීය.
2020-05-06 17:00:35
59 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි 593 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ ඉකුත් අඟහරුවාදා (05) දින 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මුලතිව් යුද්ධ හමුදා රෝහල වෙත පුද්ගලික ආරක්ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කළෝය.
2020-05-06 16:30:35
නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතුවල යෙදී සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික යහපැවැත්ම සහ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය වැඩිදියුණු කිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් එම භටපිරිස් ස්ථානගත කර ඇති පනාගොඩ, වත්තල, කටුනායක සහ කඩුවෙල යන නගරවල දී අභිප්‍රේරණ ව්‍යාපෘති කිහිපයක් දියත් කරන ලදී.
2020-05-06 15:30:35
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන්, රාජ්‍ය නිලධාරින් සහ එක්සත් රාජධානියේ සිටි තවත් පුද්ගලයින් ඇතුළු 206 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බදාදා (06) දින ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 504 දරණ ගුවන් යානයෙන් බණ්ඩාරනායක ගුවන් තොටුපල වෙත පැමිණෙන ලදී.
2020-05-05 17:30:58
රාජගිරිය ප්‍රෙද්ශයේ පිහිටි කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී සඳුදා (04) දින සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධන බළකාය පිළිබඳ...
2020-05-05 15:08:19
ඉකුත් දෙසැම්බර් මස ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද ‘තුරු මිතුරු - නව රටක්’ වනාන්තර සහ නගර අලංකරණ ව්‍යාපෘතිය තුලින් අත්හැර දැමූ ඉඩම් තුළ නැවත වගා කිරීම සහ පැළ සිටුවීම සිදු කෙරුණු අතර තිරසාර ශ්‍රී ලංකාවක් කෙරෙහි යුද්ධ හමුදාව...
2020-05-04 19:44:40
කොවිඩ් - 19 තර්ජනය හමුවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂිත අවශ්‍යතා පිළිබඳ සොයාබැලීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ඉකුත් සිකුරාදා (01) දින මරදාන ප්‍රදේශයේ ට්‍රිපොලි පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති...