Header

Sri Lanka Army

Defender of the Nation

05th May 2020 15:08:19 Hours

'තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතිය සඳහා බීජ මිලදී ගැනීමට පෞද්ගලික අංශයේ සහය

ඉකුත් දෙසැම්බර් මස ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද ‘තුරු මිතුරු - නව රටක්’ වනාන්තර සහ නගර අලංකරණ ව්‍යාපෘතිය තුලින් අත්හැර දැමූ ඉඩම් තුළ නැවත වගා කිරීම සහ පැළ සිටුවීම සිදු කෙරුණු අතර තිරසාර ශ්‍රී ලංකාවක් කෙරෙහි යුද්ධ හමුදාව දක්වන සැලකිල්ල අගය කරමින් ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී (Asia Asset Finance PLC) සමාගම දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා කඳවුරු තුළ වගා කිරීම සඳහා අවශ්‍ය එළවළු බීජ මීලදී ගැනීම සඳහා මූල්‍යාධාර පිරිනමනු ලැබිණි.

මෙම වගකීම් සහගත බැංකු ආයතනය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ යුද්ධ හමුදා මූලස්ථානයේදී මීට ප්‍රථම කරනු ලැබූ සාකච්ඡාවක ප්‍රතිපලයක් වශයෙන් මෙම මූල්‍යධාර පිරිනමනු ලැබූ අතර, එම මූල්‍යාධාර පිරිනැමීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහ එම පෞද්ගලික බැංකු ආයතනයේ නියෝජිතයින් ද සහභාගී වූහ. රටේ තිරසාර සංවර්ධනයේ වෙනසක් කිරීම සඳහා යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ව්‍යාපෘතින්ට උපකාර කිරීමේ පරම අභිලාෂය පෙරදැරිව එම සමාගම් නියෝජිතයින් විසින් මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබිණි.

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය දිරිගැන්වීම වෙනුවෙන් දායක වූ පළමු ආයතනය වන ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී කළමණාකාරිත්වය මුට්ටවාල් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ හමුවූ අතර රට පුරා යුද්ධ හමුදා කඳවුරු තුළ වගා කළ හැකි එළවළු බීජ සහ ධාන්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් ලක්‍ෂයක මූදල් පරිත්‍යාගයක් ද සිදු කරන ලදී.

මෙම හමුව සඳහා ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රොෂාන් ද එස් ගුණසේකර මහතා ඇතුළු එම සමාගමේ නියෝජිතයින් කිහිපදෙනෙකු සහ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී I ලුතිනන් කර්නල් නිශාන්ත මුත්තන්ත්‍රිගේ සහභාගී වූ අතර, එහිදි මුදල් චෙක්පත කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී භාරදෙනු ලැබිණි. Nike Sneakers | Women's Nike Air Max 270 trainers - Latest Releases