Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2020 18:00:35 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් පුද්ගලයින් 127 දෙනෙකු සිය නිවෙස් කරා පිටත් වෙති

යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන පූනානි සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 127 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (06) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත් වූහ.

මාතර සහ කොළඹ යන ප්‍රදේශයන්හී පිහිටි තම නිවෙස් බලා පිටත් වූ නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ එම පිරිසට ප්‍රවාහන පහසුකම් ලබාදුන් යුද්ධ හමුදා සාමාජිකයන් එම පිරිස් වෙත ගමන්වාරය තුළ පරිභෝජනයට ගැනීම වෙනුවෙන් දිවා ආහාර පාර්සල් ද ලබාදී තිබිණි. නිරෝධායන කටයුතු සම්පූර්ණ කර පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හී අණදෙන නිලධාරීන් පැමිණ සිටියහ. latest Running | Nike Air Force 1 , Sneakers , Ietp STORE