06th May 2020 19:34:35 Hours
පවතින තත්ත්වය හේතුවෙන් දකුණේ බෞද්ධ සංවිධානයක් විසින් ඔඩ්ඩුසුඩාන්, සමලන්කුලම්, මනවලපඩුමුරිප්පු සහ කච්චාඩයාප්පාන් යන ප්‍රදේශවල විවිධ දුෂ්කරතා මධ්‍ය යේ ජීවත්වන ජනතාව අතර, බෙදාදීමට වියළි ආහාර සලාක පාර්සල් 250 ක ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබුණු අතර, එම වියළි ආහාර සලාක තොගය මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් ඉකුත් අඟහරුවාදා (05) දින අදාළ ප්‍රදේශයන්හී ජනතාව අතර බෙදා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලැබූහ.
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ගේ සම්බන්ධීකරණය මත ලෝන්ග් අයිලන්ඩ් (Long Island Buddhist Meditation Centre) බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය කොට්ටාවේ නන්ද හිමියන් සහ දොන් ජයමහ මහතා සහ එම මහත්මිය විසින් මෙම වියළි ආහාර සලාක තොග සඳහා මූලික අනුග්‍රහය දක්වනු ලැබුවෝය.
මෙම වියළි ආහාර තොගය බෙදිදීම සඳහා 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රන්දුල හත්නගොඩ, 642 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රසන්න විජේසූරීය, 23 වන විජයබාහු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඒ.බී.එස් අතුකෝරල ඇතුළු නිලධාරීන් පරිසක් සහභාගී වූහ. Authentic Sneakers | Klær Nike