04th May 2020 19:44:40 Hours
කොවිඩ් - 19 තර්ජනය හමුවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සෞඛ්‍ය ආරක්‍ෂිත අවශ්‍යතා පිළිබඳ සොයාබැලීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ඉකුත් සිකුරාදා (01) දින මරදාන ප්‍රදේශයේ ට්‍රිපොලි පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති 14 වන විජයබාහු පාබල රෙජිමේන්තු කඳවුර වෙත ගොස් එම කඳවුරෙහි අවශ්‍යතා පිළිබඳ සමීපව නිරීක්‍ෂණය කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ වෛද්‍ය විශේෂඥයින් සහ ගුවන් මාර්ෂල් රොෂාන් ගුණතිලක සමඟ හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ජයනාත් කොළඹගේ, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරි මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේද පෙරේරා, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිලක් හංගිලිපොල සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ තවත් සාමාජිකයින් කිහිප දෙනෙකු ද සහභාගී වූහ.
මෙම ක්ෂේත්‍ර සංචාරයෙන් අනතුරුව, එම සාමාජිකයින් කඳවුරු පරිශ්‍රය තුළ ප්‍රමිතිය තවදුරටත් වැඩිදියුණු කළ හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ. මෙම සාකච්ඡාව සඳහා අණදෙන නිලධාරිතුමන් ද සහභාගී විය. Sport media | Men's Footwear