06th May 2020 18:34:35 Hours
පුද්ගලික පරිත්‍යාගශීලියෙකු විසින් ලබාදෙන ලද වියළි සලාක තොගයක් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් යුතුව අඩු ආදායම්ලාභී පවුල් 150 ක් අතර, බෙදාහැරිම පසුගිය දා සිදුවිනි.
කුරුණෑගල ප්‍රදේශයේ කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වන සුරේෂ් මහතා, මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක සමඟ ඇති සබැදියාව තවත් සවිමත් කරමින් එතුමන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව නයාරු ප්‍රදේශයේ පවත්නා කොවිඩ්-19 වසංගත තර්ජනය සහ ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පවුල්හි සාමාජිකයන් අතර, බෙදා හැරීම සඳහා වියළි සලාක පාර්සල් විශාල තොගයක් පිරිනමන ලදී.
මෙම වියලි සළාක බෙදාදීමේ අවස්ථාව සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සමඟින් 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා, 593 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත පාලංකුඹුර, 19 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරිතුමන් ඇතුළු තවත් නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වූහ. Adidas footwear | Sneakers