Header

Sri Lanka Army

Defender of the Nation

05th May 2020 17:30:58 Hours

කොවිඩ් - 19 පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ගේ යාවත්කාලීන කිරීම් ඇගයීමට ලක් වෙති

රාජගිරිය ප්‍රෙද්ශයේ පිහිටි කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී සඳුදා (04) දින සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධන බළකාය පිළිබඳ පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගී වූහ.

මෙම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ රැස්වීම සඳහා මුලින් සහභෘගී වූ පිරිස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පිළිගනු ලැබූ අතර මෙම රැස්වීමේ අරමුණ වන වසංගතයේ වර්ධනය සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳව එතුමන් පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබීය. මෙහිදී, PCR පරීක්‍ෂණ, විදේශගතව සිට පැමිණෙන ‍ශ්‍රී ලාංකිකයින් පිළිබඳ මෙන්ම සමාජයේ මහජනතාවගේ යහපැවැත්ම ඇතුළු කරුණූ පිළිබඳව එතුමන් විස්තර කළේය.

එමෙන්ම, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සහ ත්‍රිවිධ හමුදාවන් සමීප සම්බන්ධීකරණයෙන් යුතුව වෛද්‍ය විශේෂඥයින් විසින් වෛරසය පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන කැපවීම පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරනු ලැබීය. තවද, PCR පරීක්‍ෂණ වලින් 3% ක් පමණ වෛරසය ආසාධිත වූවන් බවට තහවුරු වී ඇති අතර රටේ මරණ ප්‍රතිශතය 1% ක් බව දඑතුමන් ප්‍රකාශ කර සිටියේය.

විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොලඹගේ මහතා ගේ ප්‍රකාශය අතරතුර ආසියානු රටවලින් සහ එක්සත් රාජධානියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින්ගේ පැමිණීම පිළිබඳ නවතම යාවත්කාලීන කිරීමක් සිදුකරනු ලැබීය. එමෙන්ම, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, රුසියාව, මැලේසියාව ආදී රටවලින් පැමිණෙන පුද්ගලයින්ද රජය හරහා සමීපව සම්බන්ධීකරණය කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

මෙහිදී, ආචාර්ය ලක්මිනි සේමතුන විසින් “කොළඹ ජනතාවගේ වර්තමාන ජීවන තත්ත්වය” පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදුකරමින් වෛද්‍ය විශේෂඥයින් දැනුවත් කළාය.

සාකච්ඡාව අවසානයේ දී, කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රැස්වීම සඳහා සහභාගී වූ සාමාජිකයින්ට ඔවුන්ගේ වටිනා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව සිය ස්තූතිය පුද කළේය. තවද, ක්‍රියාකාරී කණ්ඩායම් අතර දැනටමත් සිදුකරන පරිදි ක්‍රියාකාරී සැලසුම් වල කාලෝචිත වෙනස් කිරීම් සිදුකිරීම සඳහා සහභාගී වන ලෙසද එතුමන් එම සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය. Running Sneakers | Yeezy Boost 350 Trainers