Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2020 16:30:35 Hours

නිරෝධායන මධ්‍යස්ථානයන්හී සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික ලිහිල්භාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් මනෝවිධ්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය ව්‍යාපෘතියක් දියත් කරයි

නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතුවල යෙදී සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික යහපැවැත්ම සහ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය වැඩිදියුණු කිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් එම භටපිරිස් ස්ථානගත කර ඇති පනාගොඩ, වත්තල, කටුනායක සහ කඩුවෙල යන නගරවල දී අභිප්‍රේරණ ව්‍යාපෘති කිහිපයක් දියත් කරන ලදී.

ඒ අනුව, පනාගොඩ බෝධිරාජාරාමයේදී අනෝජා වීරසිංහ මහත්මිය විසින් යෝගා වැඩසටහනක්, වත්තල සහ කටුනායක යෞවන සමාජ රෝලැක්ස් ගොඩනැගිල්ලේ දී කර්නල් වෛද්‍ය ආර්.එම්.එම් මොණරාගල විසින් මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක්, කඩුවෙල බියගම විලේජ් හෝටලයේදී (Biyagama Village Hotel) ගරු හසිත හෙට්ටිආරච්චි පියතුමන් විසින් අධ්‍යාත්මික මානසික සුවතා සැසියක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ලුතිනන් කර්නල් බී.ජී.එස්. සමන්ති විසින් ධනාත්මක ආකල්ප පිළිබඳ දේශනයක් වශයෙන් නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතුවල නිරත වන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ යහපත උදෙසා සැලසුම් කර ඇති ව්‍යාපෘතියන්හී පළමු අදියර ලෙස සියළු නිරෝධායන මධ්‍යස්ථානවල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබූහ. Nike shoes | Nike Shoes, Sneakers & Accessories