2020-05-09 08:15:38
ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහිකරන වෙසක් පොහොය නිමිති කරගෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සැරයන් වරයෙක් විසින් අඩි 100 x 67 ක බෞද්ධ කොඩියක් නිර්මාණය කරනු ලැබීය. එම බෞද්ධ කොඩිය ඉකුත් වෙසක් පොහොය (7) දින කොළඹ - 05 හි පිහිටි කොළඹ දිස්ත්‍රික් කාර්යාල ගොඩනැගිල්ලේ අලංකාරවත් අන්දමින් ඔසවා තැබීය.
2020-05-07 13:55:24
අර්ධද්වීපයේ අගහිඟකම් ඇති පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ මානුෂීය කාර්යභාරයේ නියැළි සිටින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් ඉකුත් බදාදා (6) දින උඩුවිල් (දකුණ) පොදු ප්‍රදේශයේ පිහිටි භූමියකදී සරල උත්සවයක් පවත්වමින් තවත් නව නිවසක් ඉදිකිරිම සඳහා මුල් ගල තැබීය.
2020-05-07 13:10:01
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් පනාගොඩ, කඩුවෙල, බොරුපන සහ කටුනායක යන වෙන්කිරිමේ මධ්‍යස්ථානවල රැදි සිටින යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මානසික මට්ටම උසස් තත්තවයක පවත්වාගෙන යාමේ අරමුණින් ඉකුත් සිකුරාදා (8) දින මෙම වැඩමුළු පවත්වන ලදී.
2020-05-07 12:51:01
යුද්ධ හමුදාව විසින් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පවත්වාගෙන යනු ලබන අලිමංකඩ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින කූඩා ළමුන් දෙදෙනෙකුගේ උපන්දින සැමරුමක් සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපදිමින් පසුගියදා පැවැත්විණි. මරදාන සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශයන් තුළින් අලිමංකඩ නිරෝධායන මධ්‍යස්තානය වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා පුද්ගලයින් 100 දෙනෙකු පමණ පැමිණි අතර, එම පුද්ගලයන්...
2020-05-07 12:00:43
ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ හිටපු ගුවන් හමුදාධිපති මාර්ෂල් ඔෆ්ද ශ්‍රී ලංකා එයා ෆෝස් රොෂාන් ගුණතිලක, මාධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා, 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රතාප් තිලකරත්න...
2020-05-07 11:45:43
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන සුපුන් මාධව වීරසිංහ මහතා පවතින වසංගත තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයන්හී කොරෝනා සම්බන්ධ රාජකාරි සිදුකරමින් සිටින යුද්ධ හමුදා සාමාජිකයන්ගේ කාර්යභාරය අගය කරමින් 11 වන සේනාංකය වෙත මුහුණු ආවරණ 100 ක් පරිත්‍යාග කරන ලදී.
2020-05-07 10:39:25
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ඉකුත් බදාදා (6) දින එම ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පුද්ගලික සෞඛ්‍ය ආරක්ෂණ උපාංග තොගයක් පරිත්‍යාග කර තිබිණි.
2020-05-06 22:00:26
ගෝලීය වශයෙන් භූමියේ විවිධ හා සංකීර්ණ තර්ජන සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් සිටින අතර පසුගිය වර්ෂයන්හිදී පැහැදිලි පරිවර්තනයකට අනුවර්තනය වීමේ අවශ්‍යතාව බෙහෙවින් පැවති අතර 2020 – 2025 වර්ෂයන් සඳහා ආරක්ෂක උපාය මාර්ගයන්ගේ නවීකරණය කෙරෙහි විශේෂ අවධායනයක් යොමු කරමින් එම උපායමාර්ග වැඩිදියුණු කළයුතු බවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...
2020-05-06 21:45:01
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (04) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ...
2020-05-06 21:34:35
උරුම්පිරායි බටහිර ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන පවුලක් වෙනුවෙන් යාපනයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරන ලද 701 වන නව නිවස අඟහරුවාදා (5) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ සහභාගිත්වයෙන් පැවති සරල උත්සවයකදී ප්‍රතිලාභීන් වෙත භාරදෙනු ලැබිණි.