Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2020 21:45:01 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කර පුද්ගලයින් 5052 දෙනෙකු මේ වන විට සිය නිවෙස් කරා ගොස් ඇති බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (04) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.

"අද (04) දින අළුයම ලන්ඩන් (London) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් 208 දෙනෙකුගෙන් යුත් සිසුන් කණ්ඩායමක් දිවයිනට පැමිණි අතර ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාවන් විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරන ලදී. එසේම, හෙට (05) දින අළුයම ද ලන්ඩන් (London) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් සිසුන් සහ රාජ්‍ය සේවකයන් ඇතුළුව පුද්ගලයින් කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර ඔවුන් ද එම නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකිරීමට මේවන විට සියළු කටයුතු සූදානම් කර ඇත.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වන මාදුරුඔය වෙතින් බේරුවල ප්‍රදේශයෙන් නිරෝධායනය සඳහා පැමිණි පුද්ගලයින් 119 දෙනෙකු හා නිපුන බූස්ස වෙතින් 10 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 129 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (04) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී. අද (4) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 5052 දෙදෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

අද (04) දිනය වන විට, නාවික හමුදාවේ වෛරසය ආසාදිත වූ වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ඔවුන් සමීපව ඇසුරු කරනු ලැබු පුද්ගලයින් 1031 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත. ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 35 ක් තුළ පුද්ගලයින් 4522 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි. අද (04) දිනය වන විට නාවික හමුදාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 296 ක් ලෙස වාර්ථා වී ඇති අතර ඉන් වැලිසර නාවික හමුදා කදවුර තුළ බහුතරයක් ද කදවුරෙන් පිටත නිවාඩු මත සිට ආසාදිත වූ රණවිරුවන් අවම සංඛ්‍යාවක් ද වේ. මේ වන විට ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සහ සෞඛ්‍ය නිලධාරින් මෙන්ම සුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 223 දෙනෙකු වෙනුවෙන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා සමාජසත්කාරයක් වශයෙන් සියළු සහසුකම් සහිතව වයික්කාල ඩොල්ෆින් හෝටලය නොමිලේ ලබාදී ඇති අතර ඒ සඳහා ඩොල්ෆින් හෝටලය වෙත විශේෂ ස්තූතියක් පුදකරනු ලබන බව” කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි මාධ්‍ය හමුව අමතමින් සිය අදහස් දක්වනු ලැබීය.

සාරාංශය:

මේ දක්වා නිරෝධායනය කරන ලද සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව - 5052

තවමත් නිරෝධායන ක්‍රියාවලියෙහි නිරතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව - 4522

නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව - 35

අද දින පැවති මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩීයෝ පටය පහතින් දැක්වේ: best Running shoes | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp