09th May 2020 08:15:38 Hours
ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහිකරන වෙසක් පොහොය නිමිති කරගෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සැරයන් වරයෙක් විසින් අඩි 100 x 67 ක බෞද්ධ කොඩියක් නිර්මාණය කරනු ලැබීය. එම බෞද්ධ කොඩිය ඉකුත් වෙසක් පොහොය (7) දින කොළඹ - 05 හි පිහිටි කොළඹ දිස්ත්‍රික් කාර්යාල ගොඩනැගිල්ලේ අලංකාරවත් අන්දමින් ඔසවා තැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සැරයන් කේ.කේ. එම් පුෂ්පකුමාර විසින් මීට වර්ෂ 2564 කට පමණ පෙර උපත ලැබූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පරිශුද්ධ මතකය සිහිකිරිම වස් මෙම බෞද්ධ කොඩිය නිර්මාණය කරන ලදී.
එම බෞද්ධ කොඩිය මහාසංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ගොඩනැගිලි පරිශ්‍රය තුළ ඔසවා තබන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ලක්‍ෂ්මන් බමුණුසිංහ, විශේෂ විමර්ශන ඒකකයේ අණදෙන නිලධාරී කර්නල් රවීන්ද්‍ර අබේසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ කනිෂ්ඨ නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් එම අවස්ථාව සඳහා එක්ව සිටියහ. buy footwear | nike fashion