06th May 2020 22:00:26 Hours
ගෝලීය වශයෙන් භූමියේ විවිධ හා සංකීර්ණ තර්ජන සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් සිටින අතර පසුගිය වර්ෂයන්හිදී පැහැදිලි පරිවර්තනයකට අනුවර්තනය වීමේ අවශ්‍යතාව බෙහෙවින් පැවති අතර 2020 – 2025 වර්ෂයන් සඳහා ආරක්‍ෂක උපාය මාර්ගයන්ගේ නවීකරණය කෙරෙහි විශේෂ අවධායනයක් යොමු කරමින් එම උපායමාර්ග වැඩිදියුණු කළයුතු බවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උපදෙස් ලබාදෙනු ලැබිණි.
අඟහරුවාදා (5) දින පෙරවරුවේ ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 2020 සිට 2025 වර්ෂය දක්වා ඉදිරි මාවත සකස් කිරීම’ පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවති අතර එහිදී, කීර්තිමත් උපායමාර්ගික මෙන්ම විධායක පුහුණුකරු වෛද්‍ය උදය ඉන්ද්‍රරත්න මහතා විසින් වර්තමාන ඉලෙක්ට්‍රොනික් ආයුධ, අවිධිමත් යුධ ක්‍රම සහ සංකීර්ණ සතුරන් වැනි කරුණු යටතේ වැදගත් වන උපායමාර්ගික ඉදිරි දර්ශන පිළිබඳව අවබෝධාත්මක හා දැනුම හුවමාරු කරගනිමින් සාකච්ඡාවක් පවත්වන ලදී.
මෙම සංසදයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරම්භක දේශනය අමතමින් නිරන්තරයෙන් වෙනස්වන යුද පරිසරය සහ යුද උපාය මාර්ග නවීකරණය කිරීමත් සමඟ මූලික සාරධර්ම හා සැබෑ ඉලක්ක අරමුණු කෙරෙහි දැඩි අවධානයක් යොමුකරමින් ඉදිරි යුද උපාය මාර්ග සැලසුම් කිරීමේ වැදගත්කම පිළිබඳව කරුණු අවධාරණය කරනු ලැබීය.
ඉන් අනතුරුව, මෙදින ප්‍රධාන ආරාධිතයා වශයෙන් සපැමිණි ආචාර්ය ඉන්ද්‍රරත්න මහතා අතීත අත්දැකීම් සමාලෝචනය කිරීම, නිරන්තරයෙන් පවතින යුද ක්‍රියාකාරකම් වලට එරෙහිව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග, ඉලෙක්ට්‍රොනික් යුද්ධ, ආරක්‍ෂක අභියෝග ආදි වැදගත් කරුණු අන්තර්ගත සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් වේදිකාව වෙත විවර කළේය.
මෙම සාකච්ඡාව අවසානයේදී මෙදින ප්‍රතිඵල සාරාංශය සභාගත කිරීමට ප්‍රථම උපාය මාර්ග සම්පාදනය කිරීම සඳහා සාකච්ඡා දිරිගැන්වීම සහ සුදුසු විසඳුම් සකස් කිරීමට මෙන්ම සංසදය පිළිබඳව තම අදහස් ඉදිරිපත් කිරීම සඳහා එම අවස්ථාවට සහභාගී වූ සියළු දෙනාට අවස්ථාවක් ලබා දුන්නේය. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෛද්‍ය උදය ඉන්ද්‍රරත්න මහතාට සමරු තිළිණයක් පිරිනමනු ලැබිණි. සාකච්ඡාව අවසන් කරමින් සහකාර හමුදා ලේකම් II බ්‍රිගේඩියර් නලින්ද නියන්ගොඩ විසින් ස්තූති කථාව පවත්වනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බළකායේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඇතුළු යුද්ධ හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වූහ. Nike Sneakers | Shop: Nike