06th May 2020 21:34:35 Hours
උරුම්පිරායි බටහිර ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන පවුලක් වෙනුවෙන් යාපනයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරන ලද 701 වන නව නිවස අඟහරුවාදා (5) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ සහභාගිත්වයෙන් පැවති සරල උත්සවයකදී ප්‍රතිලාභීන් වෙත භාරදෙනු ලැබිණි.
5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකායේ 12 වන සංවත්සරයට සමගාමීව ඉදිකරනු ලැබූ මෙම නව නිවස වෙනුවෙන් සමාජ සේවා ක්‍රියාකාරිනියක් වන තුෂාරා තේනුවර මහත්මිය ද මූල්‍යාධාර පිරිනමනු ලැබුවාය. මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පීත්ත පටිය කපා නව නිවස විවෘත කිරීමට ප්‍රථම ආරුමුගම් රාසම්මා මහත්මිය ඇතුළු සිය පවුලේ සාමාජිකයන් වෙත නව නිවසේ යතුරු පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, හින්දු ආගමික වතාවත් වල නිරත වෙමින් නව නිවසට සහ ප්‍රතිලාභියාගේ පවුලේ සාමාජිකයින්ට ආශීර්වාද කරනු ලැබිණි.
511 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් සිය මනා කැපකිරිමෙන් යුතුව සති කිහිපයක් තුළ මෙම නව නිවසේ වැඩකටයුතු අවසන් කරනු ලැබූහ.
මෙම නව නිවස විවෘත කිරීමේ උත්සවය සඳහා නිවෙස් හිමිගේ පවුලේ සාමාජිකයින් සහ51 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, 511 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් ද සහභාගී විනි. Sportswear Design | Nike Air Max 270