Header

Sri Lanka Army

Defender of the Nation

07th May 2020 12:51:01 Hours

නිරෝධායනය අතර තුර මල් කැකුළු පිබිදෙති

යුද්ධ හමුදාව විසින් දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් පවත්වාගෙන යනු ලබන අලිමංකඩ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින කූඩා ළමුන් දෙදෙනෙකුගේ උපන්දින සැමරුමක් සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපදිමින් පසුගියදා පැවැත්විණි.

මරදාන සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශයන් තුළින් අලිමංකඩ නිරෝධායන මධ්‍යස්තානය වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා පුද්ගලයින් 100 දෙනෙකු පමණ පැමිණි අතර, එම පුද්ගලයන් අතර, සිටි කුඩා ළමුන් දෙදෙනෙකුගේ උපන් දින 2020 මැයි මස 4 සහ 6 යන දෙදිනට යෙදි තිබු අතර, එම කුඩා ළමුන් දෙදෙනාගේ උපන්දින සාදයන් ලපටි සිත් ආලෝකමත් කරමින් ආරක්‍ෂකව සෞඛ්‍ය අංශ උපදෙස් මත පැවැත්විණි.

මෙම කුඩා ළමුන් දෙදෙනාගේ උපන් දින පිළිබඳව දැනුවත් වූ යුද්ධ හමුදා භටයින් ඔවුන්ගේ දෙමවුපියන්ගේ කැමැත්ත ඇතිව නිරෝධායන මධ්‍යස්ථානයේ ඇති සම්පත් උපයෝගි කරගනිමින් සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් උපන් දිනය සැමරීමට කටයුතු සම්පාදනය කළහ. හමුදා භටයින්ගේ සැලකිල්ල සහ කරුණාව පිළිබඳව දෙමාපියන් ඔවුන්ට බොහෝ ස්තූතිවන්ත වූහ. latest Running | GOLF NIKE SHOES