07th May 2020 11:45:43 Hours
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන සුපුන් මාධව වීරසිංහ මහතා පවතින වසංගත තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයන්හී කොරෝනා සම්බන්ධ රාජකාරි සිදුකරමින් සිටින යුද්ධ හමුදා සාමාජිකයන්ගේ කාර්යභාරය අගය කරමින් 11 වන සේනාංකය වෙත මුහුණු ආවරණ 100 ක් පරිත්‍යාග කරන ලදී.
මේ අතර, මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන විද්‍යාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඉංජිනේරු ජගත් චමින්ද මහතා ද 11 වන සේනාංකය වෙත උෂ්ණත්වමානයක් පරිත්‍යාග කළේය.
11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සේනරත් බංඩාර විසින් මෙම පරිත්‍යාගයන් භාර ගන්නා ලදී.
මෙම සියලු පරිත්‍යාගයන් COVID-19 වෛරසය පාලනය කිරිමේ රාජකාරින්වල නිරතවී සිටින යුද්ධ හමුදා සාමාජිකයන්ගේ අභිවෘද්ධිය සඳහා යොදාගනු ලැබේ.
මෙම අවස්ථාව සඳහා (විශ්‍රාමික) මේජර් ගැමුණු සපුගොඩ මහතා ද සහභාගී වී සිටියහ. trace affiliate link | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ