Header

Sri Lanka Army

Defender of the Nation

07th May 2020 12:00:43 Hours

විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති කඳවුරු තුළ ක්ෂේත්‍ර සංචාරයක නියැළෙයි

ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ හිටපු ගුවන් හමුදාධිපති මාර්ෂල් ඔෆ්ද ශ්‍රී ලංකා එයා ෆෝස් රොෂාන් ගුණතිලක, මාධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා, 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රතාප් තිලකරත්න සහ 122 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු පිරිස ඉකුත් (6) දින 12 වන සේනාංකය, 122 වන බලසේනාව, 3 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සහ ලුනුගම්වෙහෙර යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය වෙත සංචාරයක නිරත වෙමින් එහි සෞඛ්‍ය ආරක්‍ෂක ක්‍රියා පිළිවෙල පිළිබද නිරීක්‍ෂණයක නිරත වූහ.

මෙම ක්ෂේත්‍ර සංචාරයෙන් අනතුරුව, එම සාමාජිකයින් කඳවුරු පරිශ්‍රයේ සනීපාරක්‍ෂක කටයුතු සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුව තවදුරටත් වැඩිදියුණු කළ හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ.

ආරක්‍ෂක ලේකම්තුමාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මග පෙන්වීම යටතේ පලදායී යාන්ත්‍රණයක් තුළින් අධීක්‍ෂණය කිරීම සහ පැතිරෙන වසංගතය සැලකිල්ලට ගනිමින් හමුදා කඳවුරුවල සෞඛ්‍ය ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම ජනාධිපති කාර්ය සාදක බලකායේ වගකීම වනු ඇත. විශ්‍රාමික ආරක්‍ෂක ප්‍රධානීන් සහ වෛද්‍ය විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් මෙම යාන්ත්‍රණය සංවිධානය කළයුතු බැව් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් යෝජනා කරන ලදී. bridgemedia | nike air max 95 obsidian university blue book list