2020-07-18 22:10:51
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනය අර්ධද්වීපයේ සිදුකළ දෙදින සංචාරයේ නිමාව සනිටුහන් කරමින් අද (18) දින පස්වරුවේ පලාලි...
2020-07-18 22:07:51
ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් මොහාන් රත්නායක අද (20) දින ගමන් හා පාලන අධ්යක්ෂ ලෙස සිය කාර්යාලයේ පැවති උත්සවයකදී සංකේතාත්මක නිල ලේඛනයට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා එම අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ. මීට ප්‍රථම මෙම අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ශ්‍රීනාත් ආරියසිංහ...
2020-07-18 22:05:51
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථනය විසින් ත්‍රිවිධ හමුදාවන් සඳහා අඩු පිරිවැයක් දරමින් කෘතිම අවි නිෂ්පාදනය කිරිමේ සාර්ථක ක්‍රමයක් ලෙස අවි පුහුණුව සදහා නිපදවන ලද සමාකෘති (Blue Guns) අවි හදුන්වාදෙනු ලබයි.
2020-07-18 22:03:51
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක සහ 12 වන සේනාංකයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රතාප තිලකරත්න ඉකුත් සිකුරාදා (17) දින වීරවිල ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත නිලධාරින්ගේ නිවාඩු නිකේතනය වෙත මුල්ගල් තැබීමේ උත්සවය සඳහා සහභාගී විය.
2020-07-18 22:00:51
'යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් පලාලි ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන යෝගට් නිෂ්පාදනාගාරය වෙත සියළු පහසුකම්වලින් සමන්විත නව ගොඩනැගිල්ලක් සෙනසුරාදා (18) දින විවෘත කරනු ලැබීය. මෙම ගොඩනැගිල්ල ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවාවනිතා ඒකකය සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබීය.
2020-07-18 21:48:05
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහතුන්ගේ සෞඛ්‍යය තත්ත්වයන් ඉතා උසස් මට්ටමකින් පවත්වාගෙන යාමේ අරමුණින් යුතුව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ නවීන පහසුකම්වලින් සපිරි ඇදන් 75 කින් සමන්විත නවතමයෙන් ඉදිකරනු ලැබු යුද්ධ හමුදා මූලික රෝහල අද (17) දින...
2020-07-18 21:40:07
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ 13 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ජගත් රත්නායක ඉකුත් සෙනසුරාදා (18) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි සිය කාර්යාලයේදී හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.
2020-07-18 21:30:07
මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ගේ නික්ම යෑම සනිටුහන් කරමින් ඉකුත් සිකුරාදා (17) දින එම මූලස්ථාන පරිශ්‍රයේදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමනු ලැබීය.
2020-07-18 21:25:07
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකය යටතේ ඇති 681 වන බලසේනාවේ 11 වන සංවත්සරය දිනය බෞද්ධ ආගමික වතාවත් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් පසුගිය දා සමරනු ලැබිණි.
2020-07-18 21:23:07
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත මිරුසුවිල් පිහිටි 52 වන සේනාංකය වෙත සපැමිණි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිතුමන් රතු පලස් මතින් උණුසුම් අයුරින්...