Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2020 22:10:51 Hours

යාපනය සංචාරයේදී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, භටපිරිස් අමතමින් අතීත මතකයන් සහ එල්ටීටීඊ හි ප්‍රචන්ඩත්වය සිහිපත් කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනය අර්ධද්වීපයේ සිදුකළ දෙදින සංචාරයේ නිමාව සනිටුහන් කරමින් අද (18) දින පස්වරුවේ පලාලි ප්‍රදේශයේ පිහිටි යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අමතමින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම, ප්‍රජා මූලික ව්‍යාපෘති, අර්ධද්වීපයේ ආරක්‍ෂක අවශ්‍යතා සහ වෙනත් පොදු කරුණු පිළිබඳව භටපිරිස් දැනුවත් කරනු ලැබිණි.

ඉන් අනතුරුව, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, නාවික හමුදා උතුර අණදෙන නිලධාරි සහ ගුවන් හමුදා උතුරු අණදෙන නිලධාරි විසින් සංචාරයෙහි නිරත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදා සම්ප්‍රදායානුකූලව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙහිදී, භටපිරිස් අමතමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙම අවස්ථාව සංවිධානය කිරීම වෙනුවෙන් මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, නාවික හමුදා උතුරු අණදෙන නිලධාරි රියර් අද්මිරාල් එස්.එම්.ඩී.කේ සමරවීර සහ පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ගෘප් කපිතන් ඒ.වී ජයසේකරට සිය ස්තූතිය පුදකරනු ලැබීය.

ත්‍රිවිධ හමුදාව විසින් ඒකාබද්ධව දියත් කරන ලද කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රමවේදය පිළිබඳව සිය අදහස් දක්වමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජාතියේ යහපත උදෙසා සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, සෞඛ්‍ය බලධාරීන් සමඟ අත්වැල් බැඳගෙන අභිත සේවාවක නිරතව සිටින බව පැවසීය. ත්‍රිවිධ හමුදාව කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් අතිගරු ජනාධිපති සහ ගරු අග්‍රාමාත්‍යතුමන් කොවිඩ් - 19 වෛරසය පාලනය කිරිම හා මුලිනුපුටා දැමීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවට භාරදෙනු ලැබූ බවත් එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ සටනට ඔබ දැක්වූ සහයෝගය මෙන්ම මෙම වසංගතය වළක්වාගැනීමටත් අපට අවශ්‍ය වන්නේ සියළුදෙනාගේ සහයෝගය බව එතුමන් භටපිරිස් අමතමින් ප්‍රකාශ කළේය.

“මෙම ප්‍රදේශය තුල ඔබ සිදුකරන රාජකාරිමය කාර්යභාරය දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් අන් කිසිවෙකුට වඩා කැපී පෙනේ. ඒ වගේම, ආරක්‍ෂක ලේකම් ඔබේ සියළුම සුභසාධන කටයුතු පිළිබඳ කැප වී සිටිනවා. ‘එකමුතුකම ශක්තියයි’ යන ආදර්ශ පාඨය සැලකිල්ලට ගනිමින්, නිර්භීත සොල්දාදුවෙකුට කළ නොහැක්කක් නොමැති බව ද” භටපිරිස් දිරිමත් කරමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූහ. affiliate tracking url | Nike Shoes