Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2020 21:40:07 Hours

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපතිතුමන් සිය ධූරයේ රාජකාරි අරඹයි

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 13 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ජගත් රත්නායක ඉකුත් සෙනසුරාදා (18) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි සිය කාර්යාලයේදී හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී හටපිරිසක් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. අනතුරුව,එතුමන් සරඹ භූමීය වෙත කැටුව ගිය අතර, එහිදි 7 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිසක් විසින් වර්ණවත් හමුදා සම්මාන මුරයක් පිරිනමමින් එතුමන් වෙත ගෞරවාචාර දැක් වූ අතර,එතුමන් දර්ශණීය පීඨිකාව මත හිඳ එම ආචාරය පිළිගනු ලැබීය. එම අවස්ථාව සිහිවනු වස් නව ආඥාපතිතුමන්ට කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට ද ආරාධනා කරනු ලැබීය.

අනතුරුව එළඹි සුභ මොහොතින්, මේජර් ජෙනරාල් ජගත් රත්නායක මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය. මෙම අවස්ථාවට තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.

ඉන් අනතුරුව, පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වූ නව ආඥාපතිතුමන් දිනයේ වැඩසටහන අවසන් කරමින් සියළු නිලයින් අමතනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු පෙදෙස- මුලතිව් ආඥාපතිතුමන්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් එක්ව සිටියහ. Sports Shoes | Jordan Ανδρικά • Summer SALE έως -50%