18th July 2020 22:07:51 Hours
ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් මොහාන් රත්නායක අද (20) දින ගමන් හා පාලන අධ්‍යක්‍ෂ ලෙස සිය කාර්යාලයේ පැවති උත්සවයකදී සංකේතාත්මක නිල ලේඛනයට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ. මීට ප්‍රථම මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ශ්‍රීනාත් ආරියසිංහ රාජකාරි ඉටු කළ අතර එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ කාර්ය නියුක්ත පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස මේ වනවිට රාජකාරි කරනු ලබයි. latest jordans | Autres