18th July 2020 21:25:07 Hours
මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකය යටතේ ඇති 681 වන බලසේනාවේ 11 වන සංවත්සරය දිනය බෞද්ධ ආගමික වතාවත් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් පසුගිය දා සමරනු ලැබිණි.
681 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නලින් හෙට්ටිආරච්චිගේ ආරාධනය පිළිගනිමින් වැඩමවා වදාළ වවුනියාව ප්‍රදේශයේ පිහිටි මඩුකන්ද විහරස්ථාන වැඩවාසි මහාචාර්ය පූජ්‍ය කිරිගල්වැව විමලසාර ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් පවත්වමින් සියළු දෙනාට ආශිර්වාද කළේය.
සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් අනුගමනය කරමින් පවත්වනු ලැබූ මෙම සංවත්සර උත්සවය සියළු නිල දිවා භෝජන සංග්‍රහයකින් උත්සවය අවසන් විය. Sports Shoes | Nike