18th July 2020 22:03:51 Hours
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක සහ 12 වන සේනාංකයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රතාප තිලකරත්න ඉකුත් සිකුරාදා (17) දින වීරවිල ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත නිලධාරින්ගේ නිවාඩු නිකේතනය වෙත මුල්ගල් තැබීමේ උත්සවය සඳහා සහභාගී විය.
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා නිලධාරීන්ගේ සුභසාධන ප්‍රතිලාභ ඉහළ නැංවීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
ආගමික වතාවත් සහ චාරිත්‍ර වාරිත්‍ර මධ්‍යයේ පැවති මෙම මුල්ගල් තැබීමේ උත්සවය මේජර් ජෙනරාල් ප්‍රතාප තිලකරත්න, සන්නාහ සන්නද්ධ බලකායේ සේනාවිධායක බ්‍රිගේඩියර් තාරක රත්නසේකර, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සුමිත් දේවප්‍රිය, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක පියල් විජේසිරිවර්ධන, 4 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් බී.එන්. විජේසූරිය ඇතුළු නිලධාරින් කිහිපදෙනෙක් සහභාගී වූහ. latest jordan Sneakers | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ