Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2020 22:00:51 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ යෝගට් නිෂ්පාදනය පුළුල් කිරීමට නව ගොඩනැගිල්ලක්

'යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් පලාලි ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන යෝගට් නිෂ්පාදනාගාරය වෙත සියළු පහසුකම්වලින් සමන්විත නව ගොඩනැගිල්ලක් සෙනසුරාදා (18) දින විවෘත කරනු ලැබීය. මෙම ගොඩනැගිල්ල ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවාවනිතා ඒකකය සහ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබීය.

'යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ සේවා වනිතා සුභසාධන සේවාවන් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මිය, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව මෙම ගොඩනැගිල්ල පුළුල් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයනු ලැබීය.

'සේවා වනිතා ඒකකය විසින් පසුගිය මාස කිහිපය තුළ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස 44 ක් නිම කිරීම සඳහා මූල්‍ය ආධාර ලබා දීම, නව නිවාස පහක් ඉදිකිරීම, ඉඩමක් ලබාදීම, නාන කාමර කට්ටල 7 ක් ලබාදීම, හමුදා නිලධාරීන් 18 දෙනෙකුට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට වෛද්‍ය ආධාර, ශ්‍රවණාධාර, වෛද්‍ය උපාංග, ලැප්ටොප්, ක්‍රීඩා භාණ්ඩ, ශිෂ්‍යත්ව, සේවා වනිතා පෙර පාසල්, රූපලාවණ්‍යාගාර, මල් සැරසිලි, මී මැසි නිෂ්පාදනය, ඕකිඩ් හා කුළුබඩු වගා කිරීම, අලෙවිසැල්, බේකරි භාණ්ඩ නිෂ්පාදනයන් පිළිබඳ පාඨමාලා පැවැත්වීම සහ ශිෂ්‍යත්ව ප්‍රදානය ආදි සුභසාධන වයාපෘතීන් ඇතුළු සහන රැසක් ලබාදී තිබිණි.

'සේවා වනිතා ඒකකය සහ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය සමග එකාබද්ධව යාපනයේ භටපිරිස් විසින් ඉදිකරනු ලැබු නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවය අද (18) දින පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූ අතර, එහිදි එතුමන්ගේ සුරතින් නව ගොඩනැගිල්ල උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.

'නවීන පහසුකම්වලින් සමන්විත මෙම නව ගොඩනැගිල්ල ස්ථාපිත කිරිම තුළින් එහි නිෂ්පාදනයන් වැඩි කිරීමට අපේක්ෂා කරන අතර එහි නිෂ්පාදන කටයුතු 5 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් විසින් සිදු කරනු ලබයි.

'එහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පීත්ත පටිය කපා නව ගොඩනැගිල්ල විවෘත කිරිමෙන් අනතුරුව ගොඩනැගිලි පරිශ්‍රය නිරීක්‍ෂණය කළේය. spy offers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals