18th July 2020 22:05:51 Hours
ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථනය විසින් ත්‍රිවිධ හමුදාවන් සඳහා අඩු පිරිවැයක් දරමින් කෘතිම අවි නිෂ්පාදනය කිරිමේ සාර්ථක ක්‍රමයක් ලෙස අවි පුහුණුව සදහා නිපදවන ලද සමාකෘති (Blue Guns) අවි හදුන්වාදෙනු ලබයි.
පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් රේණුක රොවෙල් ගේ මඟ පෙන්වීම යටතේ සිදු කරන වසරේ පළමු පර්යේෂණ ව්‍යාපෘතිය වශයෙන් මෙම නිපැයුම සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇත. 2010 ජූලි මස 09 දින පැවති උත්සවයකදී බ්‍රවුනින් හයිපවර් පිස්තෝලය (Browning HP pistol) සහ එච්කේ අවි (HK gun) මූලික ආකෘති නිල වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකාය වෙත භාරදෙනු ලැබිණි.
සමාකෘති (Blue Guns) අවි යනු හමුදා පුහුණු සඳහා නිර්මාණය කර ඇති සැබෑ අවියේ බර සහිත වූ නිෂ්ක්‍රීය අනුරුවකි. මෙවැනි අවි අනුරූ සජීවී වෙඩි තැබීමකින් තොරව ආයුධ හැසිරවීමේ පුහුණු සැසි සඳහා ලෝකයේ විවිධ වෘත්තීය හමුදා ඒකක විසින් භාවිතා කරනු ලබයි. සැබෑ ආයුධවලින් සිදුවන හානිය අවම කිරීමේ අරමුණින් නිපදවනු ලැබූ මෙම අවි (ප්‍රමාණයෙන් කුඩාවූත් විශේෂ මෙහෙයුම් සඳහා අධික පිරිවැයක් දරා නිෂ්පාදනය කර ඇත) සරඹ පුහුණුව සහ අනෙකුත් කාර්යයන් සඳහා භාවිතා කරන විට දූවිලි, ජලය සහ අපිරිසිදු ස්ථානයන්හීදි නිරාවරණය වීමෙන්ද, දරාගැනීම් වැනි පුහුණුවීම්වලදී අවි බිම වැටීමෙන් හා නිසිආකාරව නඩත්තු නොකිරීමෙන් සිදුවන හානිය අවම කිරීමේ අරමුණින් ද මෙම අවි නිෂ්පාදනය කර ඇත. සමාකෘති (Blue Guns) අවි සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වෙළඳපොලවලින් පමණක් මිලදී ගත හැකි අතර ඒ සඳහා අධික මිලක් වැය කිරීමට සිදුවේ.
අවම වියදමකින් අවි නිෂ්පාදන තාක්‍ෂණය පිළිබඳ හදුන්වාදීමේ වැඩමුළුවක් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් පවත්වනු ලැබීය. මෙම වැඩමුළුව සඳහා සහභාගී වූ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ට මෙම තාක්‍ෂණික ක්‍රමවේදය ලබාදුන් අතර, විශේෂ බලකායේ පුහුණුව සඳහා මෙම අවිය නිෂ්පාදනය කිරීම පිළිබඳ විශේෂ බලකා සෙබළුන් කණ්ඩායමක් සතියක කාලයක් තුළ අභ්‍යන්තර පුහුණුවක් ද ලබාගත්හ. මෙම ව්‍යාපෘතිය පර්යේෂණ සංවර්ධන ආයතනයේ බැලස්ටික් (Ballistics), ආයුධ, පතොරම් සහ පුපුරණ ද්‍රව්‍ය අංශයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරි මේජර් එන්.ඒ.බී.එම්.එස් නිෂ්ශංක ගේ අධීක්‍ෂණය යටතේ එම මධ්‍යස්ථානය වෙතින් පවත්වනු ලැබිණි. Authentic Sneakers | Nike sneakers