18th July 2020 21:23:07 Hours
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත මිරුසුවිල් පිහිටි 52 වන සේනාංකය වෙත සපැමිණි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය සහ 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්.එස් වඩුගේ විසින් රතු පලස් මතින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව එතුමන්ලාගේ ආරාධනයකට අනුව 52 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ පැසිපන්දු පිටිය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අද (17) දින සන්ධ්‍යාවේ විවෘත කරන ලදී.
එම අවස්ථාවට සපැමිණි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ප්‍රධාන දොරටුව අභියස දී 15 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබු අතර, පසුව 52 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් පැසිපන්දු පිටිය විවෘත කිරීම සඳහා එතුමන් කැටුව යනු ලැබීය. මෙම අවස්ථාව සිහිවනු වස් සමරු ඵලකය නිරාවරණය කර පැසිපන්දු පිටිය නිළ වශයෙන් විවෘත කිරීමට එහිදි යුද්ධ හමුදාධිපතිතුමන්ට ආරාධනා කරනු ලැබීය.
එම අවස්ථාවේදී, නව පැසිපන්දු පිටිය තුළ පළමු ප්‍රදර්ශන තරගය ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටි කණ්ඩායම් ක්‍රීඩකයින් සහ විනිසුරුවන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හඳුන්වා දෙන ලදී. මෙම පැසිපන්දු පිටිය විධිමත් ලෙස විවෘත කිරීම සංකේතවත් කරමින් මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා ඉදිරියේ දී සමාරම්භක තරඟය මිනිත්තු 45 ක් පමණ පැවැත්විණි. එතුමන් එම පරිශ්‍රයෙන් පිටත්ව යාමට ප්‍රථම සමාරම්භක තරඟාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයින්ට සම්මාන බෙදාදීමට ආරාධනා කරන ලදී.
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම ස්ථානයෙන් නික්ම යාමට මත්තෙන් එම අවස්ථාවට සහභාගී වී සිටී භටපිරිස් සමඟ සුහඳ පිළිසඳරක නිරත වූහ.
මෙම අවස්ථාවට යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වූහ. Sports brands | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth