18th July 2020 21:30:07 Hours
මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ගේ නික්ම යෑම සනිටුහන් කරමින් ඉකුත් සිකුරාදා (17) දින එම මූලස්ථාන පරිශ්‍රයේදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමනු ලැබීය.
නික්මයන ආඥාපතිතුමන් වෙත මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථායේදී 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිසක් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරයක් සහ වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාරය ද පිළිගන්වනු ලැබීය. මෙම උත්සව අවස්ථාව සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සියළු නිලධාරීන්, 59, 64 සහ 68 යන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන් ද සහභාගි වූහ.
මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයෙන් නික්ම යන මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක සිය නික්මයෑම සනිටුහන් කරමින් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 59, 64 සහ 68 යන සේනාංකයන්හී සංචාරයක නිරත වූ අතර එහිදී, එතුමන්ට හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරයන් පිරිනමනු ලැබීය. අනතුරුව එතුමන් සිදු කළ සේවය ඇගයිමක් වශයෙන් සමරු තිළිණ පිරිනැමුණු අතර එහිදී, අවසන් වශයෙන් භටපිරිස් අමතමින් සිය ධුර කාලය තුළ එතුමන් වෙත ලබා දුන් සහයෝගය වෙනුවෙන් සියළු නිලයන්ට සිය කෘතඥතාවය ද පුද කළේය. Adidas footwear | NIKE