2021-07-04 21:36:03
යුද්ධ හමුදා භටපිරිස් පොලිස් නිලධාරින් සමඟ එක්ව නැගෙනහිර පළාතේ පරිසරයට හානි කරමින් මහා පරිමාණයෙන් නීතිවිරෝධී ලෙස වැලි ගොඩදැමීමේජාවාරමක නිරතව සිටි සැකකරුවන්පිරිසක් පසුගිය සෙනසුරාදා (3) දින අත්අඩංගුවට ගත්හ.
2021-07-04 20:36:03
පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකුගේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භටපිරිස්,යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්...
2021-07-04 18:30:03
අද (05) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,573 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 56 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,517 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.
2021-07-04 18:00:03
කොළඹ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ ඉදිකරමින් පවතින මහල් 15 කින් යුත් නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ පසුගිය බදාදා (30) දින එම පරිශ්‍රයේ සංචාරයක නිරත වූයේය.
2021-07-04 17:00:03
පසුගියදා ගිනිගැනීමකට ලක් වූ ‘X Press Pearl’ බහාලුම් නෞකාවේ සුන්බුන් මාතර වල්ලිවල වෙරළට ගොඩගැසීම හේතුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අනුයුක්ත 613 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් බ්‍රහස්පතින්දා (01) දින එම වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකළහ.
2021-07-04 16:30:53
විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් නව ආඥාපති ලෙස පසුගිය බදාදා (23) දින පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කළේය. ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ...
2021-07-04 16:00:03
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ පසුගිය බ්‍රහස්පතින්දා (01) දින නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක සංචාරයක නිරත වෙමින් එම නිරෝධායන මධ්‍යස්ථානවල අවශ්‍යතා පිළිබඳ සොයා බැලුවේය.
2021-07-04 15:00:03
යාපනය ප්‍රදේශයේ පිහිටි 515 වන බලසේනාවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (26) දින ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතියක් දියත් කරමින් අලවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටිශාන්ත ජෝෂප් ක්‍රිස්තියානි දේවස්ථානය සහ තායිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි ශාන්ත ඇන්තනී දේවස්ථාන පිරිසිදු කළහ.
2021-07-04 14:00:03
පූනරින් ප්‍රදේශයේ ජීවත් වන සිවිල් වැසියන් සහ ආරක්ෂක හමුදා සාමාජිකයින්කොවිඩ් - 19 වෛරසයෙන් ආරක්ෂාවීමට සහ ඔවුන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ආශිර්වාද එක්කිරීමේ විශේෂ පූජාවක් පසුගිය ඉරිදා (27) දින පූනරින් අම්මාන් කෝවිල් පරිශ්‍රයේදී පවත්වන ලදී.
2021-07-04 12:00:03
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ,14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සමඟ පසුගිය අඟහරුවාදා (29) දින 141 වන බලසේනා මූලස්ථානයේ සංචාරයක නිරත වූයේය.