Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2021 17:00:03 Hours

ගිනිගත් නෞකාවෙන් හානියට පත් වල්ලිවල වෙරළ තීරය යුද්ධ හමුදා භටපිරිස් පිරිසිදු කරති

පසුගියදා ගිනිගැනීමකට ලක් වූ ‘X Press Pearl’ බහාලුම් නෞකාවේ සුන්බුන් මාතර වල්ලිවල වෙරළට ගොඩගැසීම හේතුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අනුයුක්ත 613 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් බ්‍රහස්පතින්දා (01) දින එම වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකළහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ අධීක්‍ෂණය යටතේයුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූහ.

වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ, 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සහභාගී වූහ.