Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2021 18:00:03 Hours

විධායක ජෙනරල් කොළඹ යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතු සහ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබලයි

කොළඹ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ ඉදිකරමින් පවතින මහල් 15 කින් යුත් නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ නිරීක්‍ෂණය කිරීම සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ පසුගිය බදාදා (30) දින එම පරිශ්‍රයේ සංචාරයක නිරත වූයේය. එහිදී, මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් රෝහලේ පරිපාලන කටයුතු සහ අනෙකුත් ක්‍රියාපටිපාටිය පිළිබඳව ද සොයාබැලුවේය.  

මෙම සංචාරයේදී, මේජර් ජෙනරල් සංජය වනසිංහ යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂජෙනරල් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු, යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.පී.එන් පතිරණ,කොළඹ යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජූඩ් පෙරේරාඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟ එක්ව රෝහල් පරිශ්‍රයේ ඉදිකරමින් පවතින නව ගොඩනැගිලි සංකීර්ණයේඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කල අතර එම කටයුතු නිසිලෙස සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබන ‘ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 - 2025’ ට අනුව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ වෛද්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී. මෙම ක්ෂේත්‍ර නිරීක්‍ෂණ සංචාරයෙන් පසු විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් රෝහලේ පරිපාලන කටයුතු හා නඩත්තු කටයුතු නිසි පරිදි සිදුකිරීම සබැදි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සමාලෝචනය කළහ.