Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2021 16:00:03 Hours

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති නිරෝධායන මධ්‍යස්ථාන නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ පසුගිය බ්‍රහස්පතින්දා (01) දින නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක සංචාරයක නිරත වෙමින් එම නිරෝධායන මධ්‍යස්ථානවල අවශ්‍යතා පිළිබඳ සොයා බැලුවේය.

සංචාරය අතරතුර,මේජර් ජෙනරල් විකුම් ලියනගේමීගස්තැන්න ප්‍රදේශයේ පිහිටි 661 වන බලසේනාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානය,මාතර ප්‍රදේශයේ පිහිටි 613 වන බලසේනාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානය සහ 61 වන සේනාංකය විසින් ඉදිකරනු ලබන නව නිරෝධායන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳව සොයාබලන ලදී.

මෙහිදී, මේජර් ජෙනරල් විකුම් ලියනගේ කඹුරුපිටිය රෝහලේ ඉදිකරමින් පවතින නව මාතෘ වාට්ටුවේ සහ මාතර නිල්වලා ගුරු පුහුණු පාසලේ ඉදිකරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ප්‍රගතිය පරික්‍ෂා කළේය. එම සංචාරයේදී, එමව්‍යාපෘති පිළිබඳ විස්තර ව්‍යාපෘති භාර නිලධාරීන් හා බලසේනාධිපතිවරුන් සමඟ සාකච්ඡා කරන ලදී.

නිරෝධායන මධ්‍යස්ථාන නිරීක්‍ෂණය කිරීම සඳහා මේජර් ජෙනරල් විකුම් ලියනගේ විසින් සිදුකරනු ලබන සංචාරයේදී එම නිරෝධායන මධ්‍යස්ථාන භාර බලසේනාධිපතිවරුන් විසින් එම ප්‍රදේශවලකොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා යුද්ධ හමුදාව ලබාදෙන දායකත්වය පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර දැනුවත් කළහ. කොවිඩ් - 19 වෛරසයේ බලපෑම නිසාතීරණාත්මක අවදියක් පසුවන මේ කාලසීමාවේදීයුද්ධ හමුදා භටපිරිස් දක්වන කැපකිරීම මේජර් ජෙනරල් විකුම් ලියනගේ පැසසුමට ලක් කළේය.එමෙන්ම,එම කැපවීම අනාගතයේදීද ලබාදෙමින් ඔවුන්ගේ සේවය ඉටුකරන ලෙස එම නිලධාරින් වෙත උපදෙස් ලබාදුන්නේය.

මේජර් ජෙනරල් විකුම් ලියනගේ සංචාරය කළ ස්ථාන වලට 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු, 661 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් දීප්ති ආරියසේන සහඅණදෙන නිලධාරින් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද පැමිණ සිටියහ.