Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2021 20:36:03 Hours

‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව 64 වන සේනාංකය පොල් පැළ 3800 ක් බෙදාදෙති

පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකුගේ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භටපිරිස්,යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් වෙත පසුගිය අඟහරුවාදා (29) දින පොල් පැළ 3800 ක් බෙදාදුන්හ.

64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න සමඟ එක්ව 642 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රසික පෙරේරා විසින් සිවිල් - යුද්ධ හමුදා සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබූහ.

මෙම ව්‍යාපෘතියේ සම්බන්ධිකරණ කටයුතු 642 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර්නල් යූ.එල්.සී. ජයසේන විසින් සිදුකළේය.  

මෙම ව්‍යාපෘතිය සඳහා ග්රෝ රයිට් සබ්ට්‍රැක්ස්(Grow Write Subtracts) පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්‍ෂ දිනේෂ් ප්‍රනාන්දු මහතා, ට්‍රොපිකෝ ලංකා(Tropico Lanka) පුද්ගලික සමාගමේ සහ යුරෝ සබ්ට්‍රැක්ස්(Euro Subtracts) පුද්ගලික සමාගමේ නියෝජිතයින් අනුග්‍රාහකත්වය දැක්වූහ.