Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2021 21:36:03 Hours

යුද්ධ හමුදා භටපිරිස් පොලිසීය සමඟ එක්ව නීතිවිරෝධි අයුරින් වැලි ගොඩදැමූ සැකකරුවන් අත්අඩංගුවට ගනී

යුද්ධ හමුදා භටපිරිස් පොලිස් නිලධාරින් සමඟ එක්ව නැගෙනහිර පළාතේ පරිසරයට හානි කරමින් මහා පරිමාණයෙන් නීතිවිරෝධී ලෙස වැලි ගොඩදැමීමේජාවාරමක නිරතව සිටි සැකකරුවන්පිරිසක් පසුගිය සෙනසුරාදා (3) දින අත්අඩංගුවට ගත්හ.

22 වන සේනාංකයට අයත් 4 වන විශේෂ බලකායේ භටපිරිස්,යුද්ධ හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව සමඟ එක්ව සිදුකළමෙම සෝදිසි මෙහෙයුමේදීත්‍රිකුණාමලය සිත්තාරු ප්‍රදේශයේ වැලි ජාවාරමේ නිරත සැකකරුවන් 18 දෙනෙක් සමඟ ට්‍රක් රථ 3 ක් සහ කුඩා බෝට්ටු 4 ක් අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගත්සැකකරුවන් සහ ඔවුන්ගේ උපකරණ සියල්ල වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලීසිය වෙත භාරදුන්හ.