04th July 2021 12:00:03 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ,14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සමඟ පසුගිය අඟහරුවාදා (29) දින 141 වන බලසේනා මූලස්ථානයේ සංචාරයක නිරත වූයේය.
එම බලසේනා මූලස්ථානයට සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව භටපිරිස් විසින් සම්මාන මුරයේ ගෞරවාචාරය පුද කළේය.
ඉන් අනතුරුව, 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ විසින් එම බලසේනාව සතු කාර්යභාරය සහ වගකීම් පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපතිමේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපාදැනුවත් කළහ. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ රුක්රෝපණයකට ද එක්වූහ.
ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංචාරයක නිරත වූහ. එහිදී, 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේ.වයි. ප්‍රියදර්ශන විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් උණුසුම් අයුරින් පිළිගත්තේය.