2021-07-10 18:34:04
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයේ බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ 7 වන විජයබාහු පාබල හමුදාවේ භටපිරිස් ඉකුත් (08) දින මන්නාරම පෙරියකාඩෙයි වෙරළබඩ ප්‍රදේශයේ සගවා තිබු කහ කිලෝග්‍රෑම් 672 ක් සොයා ගැනීමට සමත් වූහ.
2021-07-10 18:25:58
ඔඩ්ඩුසුඩාන් පිහිටි 64 වන සේනාංකයේ 15 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් උපුල් වීරකෝන් ඉකුත් බදාදා (07) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී රාජකාරි ආරම්භ කළේය. එවකට 64 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කළ මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න තිස්වසරක යුද්ධ හමුදා සේවා කාලය නිමාකර විශ්‍රාම ගන්නා ලදී.
2021-07-10 17:34:29
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න ඉකුත් බදාදා (07) දින කොළඹ 02 පිහිටි එම සේනාංක මුලස්ථානයේ දී රාජකාරී ආරම්භ කරන ලදී.
2021-07-10 17:29:49
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ සිය ධුරයෙන් සමුගැනීමේ උත්සවය ඉකුත් බදාදා (07) දින පනාගොඩ පිහිටි ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර දී පැවැත්විණි.
2021-07-10 16:37:30
අද (10) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,537 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 22 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,515 දෙනා දේශීයව හඳුනාගත්...
2021-07-09 22:17:50
ආරක්ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි දියත් කර තිබෙන ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් ලබාදුන් දායකත්වය මත හිසට සෙවනක්...
2021-07-09 22:14:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 34 වන සේනාවිධායක ලෙස 2020 පෙබරවාරි මස 07 වන දින සිට 2021 ජුලි මස 06 වන දින දක්වා රාජකාරී කළ මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න 14 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගැනීම සඳහා එම ධූරයෙන් නික්ම ගියහ.
2021-07-09 21:51:02
231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් විජිත හෙට්ටිආරච්චි ලබාදුන් උපදෙස් මත මඩකලපුව දිස්ත්‍රික්කයේ කීරන්, සිත්තන්ඩි, උන්නච්චි සහ විල්ලවාලි යන ප්‍රදේශවල පදිංචි අඩු ආදායම්ලාභි පවුල් 25 ක් වෙත කුකුල් පැටවුන් 500 දෙනෙකු බෙදාදෙන ලදී.
2021-07-09 21:46:19
නව ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64, 68 සහ 59 වන සේනාංක මුලස්ථාන සහ අදාල බලප්‍රදේශයේ සංචාරයක නිරතවිය.
2021-07-09 20:53:10
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංනකයට අයත් 511, 513 සහ 515 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (03) දින යාපනය අර්ධද්වීපයේ ආගමික ස්ථාන තුල...