Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2021 21:46:19 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සේනාංක මුලස්ථාන සහ අදාල බලප්‍රදේශයේ සංචාරයක

නව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64, 68 සහ 59 වන සේනාංක මුලස්ථාන සහ අදාල බලප්‍රදේශයේ සංචාරයක නිරතවිය.  

ඒ අනුව, ඉකුත් සෙනසුරාදා (26) දින 64 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න විසින් පිළිගත්තේය. පසුව 64 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් එම සේනාංකයේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ නව ආඥාපති දැනුවත් කළේය. අනතුරුව ආඥාපති මුත්තියන්කඩ්ඩු බළඇණි පුහුණු පාසලේ සහ වසන්තිපුරම් ආධුනික පුහුණු පාසලේ සංචාරය කළේය.  

ඉන් අනතුරුව, 68 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි ආඥාපති එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර විසින් පිළිගත්තේය. එම සංචාරය අතරතුර, ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන නිලධාරින් සහ සෙසුනිලයින්ගේ භඨනිවාස අවශ්‍යතාවයන්, මාර්ගබාධක රාජකාරි සහ මුරකුටිවල සෞඛ්‍යාරක්‍ෂිත තත්ත්වයන් පිළිබඳ ආඥාපති විසින් සොයාබැලීය.

තවද, 59 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් සිසිර පිලපිටිය, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඩි. සුරියබණ්ඩාර විසින් පිළිගත්තේය. පසුව එම සේනාංකයේ ඇති පහසුකම් පිළිබඳව ද ආඥාපති විසින් නිරීක්‍ෂණය කළේය  

මෙම සංචාරය අතරතුර භටපිරිස් ඇමතූ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය මෙම සංචාරය සිහිවනු වස් සේනාංක මුලස්ථාන පරිශ්‍රයන් තුල රුක් රෝපණය කර සමුහ ඡායාරූපයන්ට ද පෙනී සිටියේය. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන් ඇතුළු සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය මෙම සංචාරය සනිටුහන් කරමින් සේනාංක මුලස්ථානවල විශේෂ අමුත්තන් සඳහා වු පොත්වලද සටහන් තැබූවේය.