Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2021 22:14:48 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ හිටපු සේනාවිධායකට සුභපැතුම්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 34 වන සේනාවිධායක ලෙස 2020 පෙබරවාරි මස 07 වන දින සිට 2021 ජුලි මස 06 වන දින දක්වා රාජකාරී කළ මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න 14 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගැනීම සඳහා එම ධූරයෙන් නික්ම ගියහ.

නික්ම යන සේනාවිධායකතුමන් වෙත හමුදා සම්ප්‍රදායනුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් පසුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පිරිනැමීය.

මෙම අවස්ථාවට සනිටුහන් කරමින් යුද්ධ හමුදා විද්‍යාපීඨ පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟින් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.  

සිය ධූරයෙන් නික්ම යන සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න මෙහිදි භටපිරිස් අමතමින්, ඉහළ මූලස්ථාන සහ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදී ඇති උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ වැදගත්කම සහ පුහුණු වැඩසටහන්වල ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම පිළිබඳ සිහිපත් කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සියලුම නිලයන් මාර්ගය දෙපස පෙළ ගැසී නික්ම යන සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න වෙත සිය සුබපැතුම් පිරිනැමීය.