Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2021 17:34:29 Hours

14 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න ඉකුත් බදාදා (07) දින කොළඹ 02 පිහිටි එම සේනාංක මුලස්ථානයේ දී රාජකාරී ආරම්භ කරන ලදී.

මීට ප්‍රථම 14 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කල මේජර් ජෙනරල් සුජීව සෙනෙරත් යාපා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ලෙස පත්වීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න සිය ධූරයේ රාජකාරී කටයුතු භාරගත්තේය.

සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපති එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් පිළිගත්තේය. පසුව, මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් සේනාංකාධිපති නව ධුරයේ රාජකාරි භාරගත්තේය.

මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ධූරය හෙබවිය.

නව ධුරයේ රාජකාරී භාරගැනීමේ අවස්ථාවට 141, 142, 143 සහ 144 වන බලසේනාවල බලසේනාධිපතිවරු සහ 14 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.