Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2021 16:37:30 Hours

තවත් කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ 43ක් වාර්තාවේ

අද (10) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,537 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 22 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,515 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 475 ක් ලෙසය. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 257 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 125 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 658 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (10) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 271,482 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 163,887 වේ.

අද (10) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1,451 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (10) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 79 ක් තුළ පුද්ගලයින් 5,253 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (10) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 30 ක් තුළින් පුද්ගලයින් 1,065 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ජුලි මස (08) වන දින ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තා මරණ 13 ක් සහ පිරිමි මරණ 30 ක් ඇතුලුව මරණ 43 ක් වාර්තා වී ඇත.

අද (10) දින උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල පොලිස් බලප්‍රදේශයේ මලවිට ග්‍රාම නිලධාරී වසමේ ගෝලින්දවත්ත 03 කොටස හුදකලා කර ඇත. එසේම, අද (10) දින උදෑසන සිට පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ පොලිස් බලප්‍රදේශයේ මරක්කලගම ග්‍රම නිලධාරී වසම, පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව පොලිස් බලප්‍රදේශයේ කරුක්කුපානේ ග්‍රාම නිලධාරී වසම, මාතර දිස්ත්‍රික්කයේ වැලිගම පොලිස් බලප්‍රදේශයේ පැලෑන දකුණ ග්‍රාම නිලධාරි වසම, යාපනය දිස්ත්‍රික්කයේ කරවෙඩ්ඩි පොලිස් බලප්‍රදේශයේ කරණවාසි ග්‍රාම නිලධාරී වසම සහ කලුතර දිස්ත්‍රික්කයේ මතුගම පොලිස් බලප්‍රදේශයේ යටදොල නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ අඹේතැත්ත වත්ත ප්‍රධාන කොටස හා අඹේතැන්න වත්ත ක්ලේ කොටස හුදකලාභාවයෙන් ඉවත්කර ඇත.