Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2021 20:53:10 Hours

51 වන සේනාංකයේ භටපිරිස් යාපනය අර්ධද්වීපයේ ඩෙංගු මඳුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංනකයට අයත් 511, 513 සහ 515 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (03) දින යාපනය අර්ධද්වීපයේ ආගමික ස්ථාන තුල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ උපදෙස් මත ක්‍රියාවට නැංවු මෙම ශ්‍රමදාන වැඩසටහනේදී ශාන්ත ජෝෂප් බැප්ටිස්ට් දේවස්ථානය, පෙරියවිලන් ශාන්ත ඇන්තෝනි දේවස්ථානය, කන්දරොඩෙයි අරුල්මිලු අළුරානාදන් පුල්ලෙයාර් කෝවිල, අලවිඩ්ඩි අලකොල්ලෙයි පුල්ලෙයාර්කෝවිල සහ කරෙයිනගර් ශිවන් කොවිල් පරිශ්‍රයන් පිරිසිදු කෙරිණි.

මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය 511 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු, 513 වන බලසේනාවේ බලසේනාධිපති මොහොමඩ් ෆාරිස් සහ 515 වන බලසේනාවේ බලසේනාධිපති පාලිත ගොඩෙල්වත්ත ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදුකෙරිණි.

මේ සඳහා සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් 10 වන කාලතුවක්කු රෙජිමේන්තුව, 9 සහ 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 16 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් සහභාගි වූහ.