Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2021 21:51:02 Hours

යුද්ධ හමුදා භටපිරිස් සිවිල්වැසියන්ගේ ජීවනෝපාය නගාසිටුවයි

231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් විජිත හෙට්ටිආරච්චි ලබාදුන් උපදෙස් මත මඩකලපුව දිස්ත්‍රික්කයේ කීරන්, සිත්තන්ඩි, උන්නච්චි සහ විල්ලවාලි යන ප්‍රදේශවල පදිංචි අඩු ආදායම්ලාභි පවුල් 25 ක් වෙත කුකුල් පැටවුන් 500 දෙනෙකු බෙදාදෙන ලදී. මේ සඳහා 4 වන ගැමුණු හේවා බලකායේ සහ 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සිය සහයෝගය දැක්වූහ.

ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල ජීවනෝපාය නගා සිටුවීමේ අරමුණින් වයි.ආර්.එස්. ඉදිකිරීම් සමාගමේ යෝගනාත් සහ ප්‍රොටෙක්ට් ප්‍රොපර්ටි හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ මිල්රෝ සෙනෙවිරත්න යන මහත්වරුවන්ගේ අනුග්‍රහය ඇතිව මෙම වැඩසටහන දියත් කරන ලදී.

නිවෙස් වෙත ගොස් කුකුල් පැටවුන් බෙදාදීමේ අවස්ථාවට 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි සහභාගි විය.