Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2021 18:25:58 Hours

64 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධූරයේ රාජකාරී අරඹයි

ඔඩ්ඩුසුඩාන් පිහිටි 64 වන සේනාංකයේ 15 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් උපුල් වීරකෝන් ඉකුත් බදාදා (07) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී රාජකාරි ආරම්භ කළේය. එවකට 64 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කළ මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න තිස්වසරක යුද්ධ හමුදා සේවා කාලය නිමාකර විශ්‍රාම ගන්නා ලදී.

64 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කළේය.

අනතුරුව, සිය කාර්යාලය වෙත සපැමිණි නව සේනාංකාධිපති, 64 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිළිගැනීමෙන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගත්තේය.

රාජකාරි භාරගත් නව සේනාංකාධිපති භටපිරිස් අමතා සිය ඉදිරි දැක්ම හා ඉටුවිය යුතු මෙහෙවර පිළිබද පැහැදිලි කළේය. පසුව එම අවස්ථාව සිහිවනුවස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගී වූහ. උත්සව අවස්ථාව සෞඛ්‍යාරාක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පවත්වන ලදී.