Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2021 17:29:49 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සිය ධූරයෙන් නික්මයයි

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ සිය ධුරයෙන් සමුගැනීමේ උත්සවය ඉකුත් බදාදා (07) දින පනාගොඩ පිහිටි ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර දී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා මුලස්ථානයට සපැමිණි ආඥාපති වෙත 12 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව 14 හා 61 වන සේනාංකවල සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ සේවය කරන නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් ධුරයෙන් නික්මය ආඥාපති වෙත සිය සුභාශිංසන පිරිනැමූවේය.

මේජර් ජෙනරල් විකුම් ලියනගේ සිය ධුර කාලය තුලදී ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් මෙහිදි සියලුදෙනා අමතමින් සිය ස්තූතිය පුද කළේය. පසුව, දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයට ද ආඥාපති එක්විය.