2023-10-21 22:12:00
1 බලකායේ දෙවන සංවත්සරය වෙනුවෙන් එම බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත වැඩසටහන් මාලාවක් පසුගිය අඟහරුවාදා (ඔක්තෝම්බර් මස 17) දින කිලිනොච්චි 1 බලකා මූලස්ථානයේදී පවත්වන ලදී.
2023-10-21 22:08:54
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 පාබල සේනාංකයේ රාජකාරි කරනු ලබන නිළධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ සුභසාධන කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් එම සේනාංකයේ ප්‍රතිසංස්කරණය කරන ලද නිවාඩු නිකේතනය සහ බලළත් නිලධාරීන් හා සැරයන් නිවස්න ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 16) දින පැවැත්විණි.
2023-10-21 22:06:12
ශ්‍රී ලංකා සංඥා බලකායේ 80 වන සංවත්සර දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ ගේ උපදෙස් මත 2023 ඔක්තෝම්බර් මස 15 දින සිට 19 දින දක්වා ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සව මාලාවක් පැවැත්විණි.
2023-10-21 07:20:49
යුද්ධ හමුදාව වෙත සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයේ 10 ගජබා රෙජිමේන්තුව හා 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව ඉදිකර දෙනු ලැබූ නව නිවාස හතරක් එහි ප්‍රතිලාභීන් වෙත ප්රදානය කිරීමේ උත්සවය පසුගිය අඟහරුවාදා (ඔක්තෝම්බර් මස 17) දින මහනුවර, අරුප්පල ප්‍රදේශයේ දී සිදු කරන ලදී.
2023-10-21 07:18:18
උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් රොක් හවුස්, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 19) දින පැවැත්විණි.
2023-10-20 08:05:38
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘රණවිරු නිවාස ව්‍යාපෘතියේ’ 8 වන අදියර මඟින් මීට මාස කිහිපයකට ප්‍රථම ස්නායු ආබාධයක් හේතුවෙන් හදිසියේ අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
2023-10-20 07:45:38
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුවේ භටපිරිස් විසින් බොරලැස්ගමුව වැව පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2023 සැප්තැම්බර් මස 11 දින සිට ඔක්තෝබර් මස 12 දින දක්වා සිදුකරනු ලැබීය.
2023-10-20 07:40:38
74 වන යුද්ධ හමුදා සංවත්සර දින සැමරුමට සමගාමීව විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි 55 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 553 පාබල බලසේනාවේ භටපිරිස් එම බලසේනා මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය පසුගිය සෙනසුරාදා (2023 ඔක්තෝබර් මස 14) දින විවෘත කරනු ලැබීය.
2023-10-20 07:38:38
‘National Masters Snooker’ තරඟාවලිය - 2023, කොළඹ ගෘහස්ථ බිලියඩ් සහ ස්නූකර් ක්‍රීඩා පිටියේදී පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 14) දින පැවැත්විණි.
2023-10-18 21:41:29
පසුගිය දිනවල ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තලකිරියාගම රජමහා වැවෙහි දකුණු ඉවුරු බැම්ම ගිලා බැසීම නිසා එම ස්ථානයෙන් වැව් බැම්ම කැඩී යාමේ අවධානමකට ලක් විය. ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 15) දින කඩිනමින් ක්‍රියාත්මක වී වැලි කොට්ට යොදා ගනිමින් වැව් බැම්ම ආරක්ෂා කිරීමට කටයුතු කළහ.