20th September 2022 20:15:35 Hours
විජයබාහු පාබල රෙජිමේන්තු සේවාමුක්ත භට සංගමයේ 13 වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය සෙනසුරාදා (17) දින කුරුණෑගල, බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ බහුකාර්ය ශාලාවේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සහභාගී වූ අතර පිළිගැනීමේ කතාව, සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම, පසුගිය සමිති වාරයේ වාර්තාව ඉදිරිපත් කිරීම සහ අයවැය වාර්තා ඉදිරිපත් කිරීමට මෙන්ම සංගමය තුළ ව්‍යවස්ථාමය වෙනස්කම් කිහිපයක් හඳුන්වාදීමට ද මෙම රැස්වීමේදී අවස්ථාව ලැබිණි.
එහිදී, විජයබාහු පාබල රෙජිමේන්තු සේවාමුක්ත භට සංගමයේ නව සභාපති ලෙස මේජර් ජෙනරල් කාවින්ද ගුණවර්ධන (විශ්‍රාමික) පත්කරනු ලැබීය. ඉන් අනතුරුව, එම සේවාමුක්ත භට සංගමය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳ සංගමයේ සාමාජිකයින්ගේ ඇගයීමට ලක්වූ අතර එම සංගමයේ සාමාජිකයින්ට ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට ඇති වැඩසටහන් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට ද අවස්ථාව හිමිවිය.
මෙම අවස්ථාව සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක මෙන්ම එම රෙජිමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් 488 කට අධික පිරිසක් එක්ව සිටියහ.