Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2022 13:11:07 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මූලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන් සඳහා ‘නායකත්වය’ පිළිබඳ වැඩමුළුවක්

වාද්දුව, දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් විසින් එම ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් සඳහා ‘නායකත්වය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය සඳුදා (12) දින එම විහාරස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

12 වන ශ්‍රී ලංකා කාරක ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ.ඒ.එන්.පී.කේ.කොඩිතුවක්කු ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම වැඩමුළුව සඳහා වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය, වාද්දුව බාලිකා විද්‍යාලය, වාද්දුව ශාන්ත මරියා විද්‍යාලය, වේරගම කනිෂ්ඨ විද්‍යාලය සහ පින්වත්ත කනිෂ්ඨ විද්‍යාලය යන පාසල්වල සිසු සිසුවියන් සහ ගුරුවරුන් 30 දෙනෙකු පමණ සහභාගී වූහ.

මෙම වැඩමුළුවේදී පාසල් සිසු සිසුවියන් ලෙස සමාජයේ හැසිරිය යුතු ආකාරය, සමාජයේ ගෞරවනීය පුද්ගලයකු ලෙස ජීවත්වන ආකාරය, එකිනෙකාට ගෞරව කිරීමේ ඇති වැදගත්කම සහ කණ්ඩායමක් වශයෙන් එක්ව කටයුතු කිරීම ආදී වැදගත් මාතෘකා ඔස්සේ සිසු සිසුවියන් දැනුවත් කරන ලදී.