20th September 2022 13:16:24 Hours
1 වන බලකාය සහ එම බලකාය යටතේ සේවයේ නියුතු භඨකාර්ය සම්පාදන ඒකකයන්හි නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් ‘නීතිය බලාත්මක කිරීමේදී හමුදාවේ දායකත්වය’ පිළිබඳ දැනුවත් කිරීමේ හරවත් දේශනයක් යුද්ධ හමුදා මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් පසුගිය බදාදා (07) දින පවත්වනු ලැබීය.
9 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අයි.එම්.එස්.එස්.කේ ඉලංගකෝන් සහ මේජර් කේ.ඒ.පී.ඒ රත්නායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මෙම දේශනය පවත්වනු ලැබූහ. එහිදී, මානව හිමිකම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලතල, මානව හිමිකම් මූලධර්ම, පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, ඔවුන් රඳවා තබාගැනීම සහ පරික්‍ෂා කිරීම ආදී කරුණු පිළිබඳව සහභාගී වූවන් දැනුවත් කරනු ලැබීය.
මෙම දේශනය සඳහා 1 වන බලකා මූලස්ථානය සහ එම බලකාය යටතේ සේවයේ නියුතු භඨකාර්ය සම්පාදන ඒකකයන්හි නිලධාරීන් සහ සෙසුනිලයන් 272 ක් සහභාගී වූහ.