20th September 2022 20:30:07 Hours
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රථම අස්වනු නෙලීමේ මංගල්‍යය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් සේනක කස්තුරිමුදලි ඇතුළු එම පුහුණු පාසලේ භටපිරිස්හී සහභාගීත්වයෙන් පසුගිය සෙනසුරාදා (17) දින පැවැත්විණි.
‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාවේ කාබනික වගා ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල වෙතින් මීට මාස කිහිපයකට පෙර පුහුණු පාසල් පරිශ්‍රය තුළ අක්කර 2 ක පමණ වගුරු බිම් කොටසක් තුළ වී වපුරන ලදී.
ඒ අනුව, පසුගිය සෙනසුරාදා (17) දින පෙරවරු 9.34 ට යෙදී තිබුණු සුබ මොහොතින් පුරාණ චාරිත්‍ර වාරිත්‍රයන්ට අනුකූලව අස්වනු නෙළීමේ මංගල්‍යය ආරම්භ වූ අතර එම අවස්ථාව සඳහා මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ඇතුළු භටපිරිස් ද එක්වූහ.