Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2022 19:45:35 Hours

අන්තර් සේනාංක ක්‍රිකට් ශූරතාවලිය - 2022 හි ජය 54 වන සේනාංක කණ්ඩායමට

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි අන්තර් සේනාංක ක්‍රිකට් ශූරතාවලිය - 2022 හි අවසන් මහා තරඟය පසුගිය සෙනසුරාදා (17) දින මන්නාරම, තල්ලඩි ප්‍රදේශයේ පිහිටි 54 වන සේනාංක මූලස්ථාන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහභාගී වූ අතර එතුමන්ගේ සුරතින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරනු ලැබිණි.

කරට කර සටනකින් පසුව 54 වන සේනාංකයේ ක්‍රීඩකයන් මෙවර තරඟාවලියේ ශූරතාවය දිනාගනු ලැබූ අතර 21 වන සේනාංක ක්‍රිකට් කණ්ඩායම අනුශූරයන් බවට පත්විය. තරඟාවලියේ වීරයා ලෙස 15 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ මේජර් එල්.එම් සුරංග සම්මාන දිනාගත්තේය.

ජයග්‍රාහකයින් සඳහා කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්වූ අතර තරඟය නැරඹීම සඳහා නිලධාරින් සහ සෙසුනිලයන් විශාල පිරිසක් එක්ව සිටියහ.