2017-01-29 09:02:52
වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා (28) පස්වරුවේ යුද හමුදා ක්‍රීඩකයින් හා නාවික හමුදා ක්‍රීඩකයින් අතර පැවති ඩයලොග් රග්බි තරඟාවලියේ දී ලකුණු 30 ට 17 ලෙස යුද හමුදා කණ්ඩායම ජයග්‍රහණය හිමිකර ගන්නා ලදි.
2017-01-29 09:01:47
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ පුහුණුව ලබන පාඨමාලා අංක 83 කෙඩෙට් නිලධාරීන් ජනවාරි මස 19 සහ 20 යන දිනයන්හි දී යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, මීට පෙර ඔවුන් කිලිනොච්චි සහ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයන්හි ද සංචාරය කරන ලදි.
2017-01-27 09:37:40
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන අඟහරුවාදා (24) දින අම්පකාමම් බළඇණි පුහුණු පාසලේ, කිලිනොච්චි යුද හමුදා මුලික රෝහලේ හා කිලිනොච්චි උසස් පාබල පුහුණු පාසලේ සංචාරයක නිරත විය.
2017-01-25 14:13:24
විශේෂ පාබල ක්‍රියාන්විත පුහුණු පාඨමාලාව හැදෑරුවන්ගේ දැනුම අලුත්කිරීමේ පාඨමාලාවක් කල්‍යාණපුර බලඇණි පුහුණු පාසලේදී බදාදා (25) දින ආරම්භ විය.
2017-01-25 14:13:15
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟපෙන්වීම යටතේ එම මුලස්ථාන විසින් බදාදා පුහුණු දින දේශන යටතේ බ්‍රහස්පතින්දා (26) දින මුලතිව් ආරක්ෂක සේනා ශ්‍රවණාගාරයේ දී ‘Effective Procurement’ මැයෙන් දේශනයක් පවත්වන ලදි.
2017-01-25 14:13:06
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපීත 111 බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ සේවයේ නියුතු භටපිරිස් විසින් බුදුමග සෙනසුන විහාරස්ථානයේ අඟහරුවාදා (24) දින අවට පරිසරය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදානයක් පවත්වනු ලැබීය.
2017-01-25 14:12:51
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 12 වන ගැමුණු හේවා බලකායේ නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා බලඇණි පුහුණු පාඨමාලාවක් පසුගිය දා යාපනය, කොඩිකාමම්, විදත්තපලෙයි 52 සේනාංක බලඇණි පුහුණු පාසලේ දී ආරම්භ කරන ලදි.
2017-01-25 14:12:46
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් මියගිය රණවිරුවන් හට හා රාජකාරියේ නියුතු සියලුම භටපිරිස් වෙත ආශිර්වාද පතා බෝධි පූජා පිංකමක් බදාදා (25) දින සංවිධානය කරන ලදි.
2017-01-24 14:37:46
ත්‍රිකුණාමලයේ පිහිටි යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන පාසලේදි පැවති උපකරණ පාලක නිලධාරින් සදහා වු භට කාර්ය සම්පාදන වැඩමුළුව සෙනසුරාදා (14) දින එම ශ්‍රවණාගාරයේදි අවසන් විය.
2017-01-20 18:31:19
ශ්‍රී ලංකාවේ පිහිටි ජාත්‍යන්තර රතු කුරුස සමාජයේ නියෝජිත පිරිස් ප්‍රධානි ක්ලෙයාර් මෙට්රොඩ් මහත්මිය සමඟින් ජාත්‍යන්තර රතු කුරුස සමාජයේ වව්නියා ප්‍රදේශයේ ප්‍රධානි විල්සන් මොන්ඩල් මහතා.......